සිරි දළදා වන්දනාවට සමගාමීව මහනුවර ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය අදත්

සිරි දළදා වන්දනාවට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සංවිධාන කළ එක් වැඩසටහනක් වූ කසළ නිසි ලෙස බැහැර කිරීමේ ක්‍රියාන්විතය වන දිනටත් අද දිනය පුරා දළදා වන්දනාවට ප්‍රවේශ වන මාර්ග ත්‍රිත්වය හා ඒ අවට කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම, තරුණ හා වැඩිහිටි ප්‍රජාවගෙන් සමන්විත ස්වේච්ඡා කණ්ඩායම් කිහිපයක් තම දායකත්වය ලබා දීමද විශේෂත්වයකි.

කසළ බැහැර කිරීම නිසි ලෙස සිදු කිරීම සඳහා ජනතාව තුළ ආකල්පමය හුරුවක් ඇති කිරීමේ වටිනාකම පහදා දෙන අන්දමින් සංවිධාන කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය නොඅඩුව හිමි විය.

දළදා වන්දනාවට සමගාමීව ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කර ගනිමින් පසුගිය දින කිහිපය පුරාම මෙවැනි වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 712

Leave A Reply

Your email address will not be published. Required fields are marked *