සිව්හෙල ජාතික සංසදය අද 27 කොහුවල පැවති මාධ්‍ය හමුව

ලංකාව දැන් පරදේශක්කාර ක්‍රමයට වැඩ කරනවා.

මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා කිව්වා අනුර කුමාර.

කාදිනල්තුමා කිව්වා ව්‍යවස්ථාව ට තවත් දේවල් දාන්න ඕන.

හරිනි අමරසුරියත් හිරේ යවන්න ඕන.දූෂණ විරෝධී පනත මුල් කොගෙන ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පුළුවන්.
සංඝරත්නය ට වෙනම
අධිකරණයක් ස්ථාපිත කරන්න ඕන.

රටේ නම පවා වෙනස් කරන්න ඕන.මේක සුද්ද අපිට දීපු නම.සීහලෙ තමයි හරි නම් ඇපේ රටේ නම වෙන්න ඕන.

සීහලේ කියන නම යොදන්න.

ජාතික කොඩිය පවා වෙනස් කරන්න ඕන.තැඹිලි පාට කොළ තීරු දාලා මේ රටේ ජන වර්ග පුංචියට කොටස් කරලා තියෙනවා.

නිදහස් දිනය වෙනස් කරන්න ඕන.සුද්දා දීපු පෙබරවාරි 4 අපිට එපා.මාර්තු 1 දා තමයි අපේ නිදහස් දිනය.

16 වන ව්‍යවස්ථාවට අත තියන්න එපා.ඒවාට අත නොතියා මේ රට ගෙනියන්න පරදේශක්කාරයන්ට ඕන විදියට පිස්සු නටන්න එපා.

හරිනි මුල් කරගෙන usaid එකෙන් සල්ලි ගන්න හදනවා.

අපිට පැහැදිලි කරන්න ඕන කාදිනල්, හරිනි, අනුර වෙනස් කරන්න ඕන කියන ව්‍යවස්ථා මොනවද කියලා.

අයවැයෙන් ආණ්ඩුව ස්වදේශිකත්වය විනාස කරන්න හදනවා.
සීහලේ වනසන්න හදනවා.

පිටරටින් එන එක නවත්තලා අපිට ජීවත් වෙන්න පාරක් කපන්න.

****

මැදිරිගිරියේ සිකී ස්වාමීන් වහන්සේ
සිව්හෙල ජාතික සංසදයේ සභාපති

රට භාර ගන්න කොට කියපු දේශිකත්වයට මුල් තැන දෙනවා කියලා දැන් ආණ්ඩුව කොහෙද යන්නේ?රටේ ජනතාව ආරක්ෂා කර ගන්න කටයුතු කර යුතුයි.

මහේස්ත්‍රාත්වරු ගේන්න එපා කියද්දී හිරකරුවන් ගෙනත් වෙඩි තියන තත්ත්වයට ගෙනත් තියෙනවා.

රහසිගත තොරතුරු ගැන කියපු පී එච් අයි මහත්වරු දොස්තරවරු මරලා දැම්මා.
අපි ඇවිත් මාසෙන් ඉවර කරනවා කියපු අයට දැන් මොකද වෙලා තියෙන්නේ?

අපේ දේශිය ආහාර රටාව විනාස කරගන්න එපා.වසංගත සමයේ නව නිශ්පාදන බිහි උනා.ඒ අයගේ දැනුම විනාශ කරන්න මේ පාලකයන් කටයුතු කරනවා.

රටේම ජනතාවට සමගියෙන් සමාදානයෙන් කටයුතු කරන්න ඉඩ අපි හදනවා.

මාර්තු 1 සිට ගම හදා රට හදමු සංකල්පයෙන් කටයුතු කරනවා.

අපි පාලකයින්ට හා මෙතෙක් රට පාලනය කරපු අයට විරුද්ධව ජ්‍යාතන්තර අධිකරණය ට අපි යනවා.

අපේ දේශීය වෛද්‍යවරු සිරගත කරන එක වහාම නැවැත්විය යුතුයි.

කොවිඩ් රටට ගෙනාවේ එන්නත් විකුණා ගන්නයි.ඒකෙන් ගොවි මහතුන් ට පවා වැඩක් කර ගන්න බැරි වෙලා තියෙනවා.
මාර්තු 1 වෙනිදා උදෑසන 8 ට
රුවන්වැලි සෑයට අපි කිරි ආහාර පූජාවක් පවත්වා අධිශ්ඨාන පූජාවක් පවත්වනවා.


සාගල ධනංජය කැටිපේආරච්චි
සීහල ජාතික සන්සදයේ ප්‍රධාන ලේකම්

ශ්‍රී ලංකාවේ ඉඩකඩම් පිටරැටියන් ට විකුණනවා.සමාජයේ උවමනා එපා කම් ජනාධිපති ඉෂ්ඨ කරන්නේ නෑ.
ජනතාවගේ පෝෂණයපවා ජනාධිපති ඉටු කරන්නේ නෑ.අපිට තියෙන්නේ ව්‍යාජ නිදහසක්.

රට තුළ සැබෑ නිදහස ලබාදිය යුතුයි කියා සිතන අය 210 වන නිදහස සැමරීමට මාර්තු 1 දාට ශ්‍රී මහාබෝධිය ළගට එන්න.

අයිශ්වර්ය ගුණරත්න
අධිකාරි
සමාජ ක්‍රියාකාරී

රටේ ජනතාව බලාපොරොත්තු උනේ භේදයකින් තොරව එකට ජීවත් වෙන්න.උද්ධමනය හමුවේ එය අමාරු වෙලා.අර්ජුන් වැනි මන්ත්‍රීවරුන් ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කිව්වාම ආණ්ඩුව බීරො වගේ ඉන්නවා.

උතුරේ විතරක් නෙමෙයි දකුණෙත් ජාතික ආරක්ෂාව බිඳවැටිලා තියෙනවා.

මේ ආණ්ඩුව ඔක්කොම ආණ්ඩු වලට වඩා ෆේල්.
ඔන්ලයින් ඩොලර් ගේන අයටත් බදු ගැහුවා මේ ආණ්ඩුව.

අර්ජුන් මහේන්ද්‍රන් පැය විසිහතරෙන් ලංකාවට ගේනවා කියලා දැන් ජනාධිපති බයිලා ගහනවා.
ගෝල් ෆේස් එකේ වාහන 108 පෙන්නලා 18 යි දැන් එලියට දාලා තියෙන්නෙ.

ගම් මට්ටමෙන් හදනවලු ජාතික ආරක්ෂක කමිටු.චීනෙත් ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි.
ජනතාව කැමති නෑ චීනයේ ක්‍රමයක් මෙහේ ක්‍රියාත්මක කරන්න.

සරසවි සිසුන්ට රුපියල් 2500 කින් වැඩි කරලා ශිෂ්‍යයන් ට ලෙව කන්න තමයි වෙලා තියෙන්නේ.

ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නැත්නම් ඇයි මන්ත්‍රී ආරක්ෂාව වැඩි කරන්නේ.

දළදා ප්‍රදර්ශනයත් පොත් ප්‍රදර්ශනයක් වගේද? අනුරාධපුර ගිහින් කේන්දර බලන කෙනා කිව්වද අනුරට දළදා ප්‍රදර්ශනයක් පෙන්වන්න.අපල නැති කරගන්න ද එහෙම කරන්නේ.

What's your reaction?

Related Posts

1 of 577

Leave A Reply

Your email address will not be published. Required fields are marked *