සිසුවෙකු පිහිනුම් පාඩමක් අතරතුර දී දියේ ගිලී මිය යයි

මිරිහානේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 5ක කුඩා දරුවෙකු පිහිනුම් පුහුණුවකදී දියේ ගිලීමෙන් මියගොස් තිබේ.​නුගේගොඩ, තලපත්පිටියේ පදිංචි මෙම පෙර පාසල් සිසුවා ඊයේ පස්වරුවේ සිසුන් කණ්ඩායමක් සහ ගුරුවරුන් පිරිසක් සමඟ පිහිනුම් තටාකයක පුහුණුවීම් කරමින් සිට ඇත.​දරුව බරපතල තත්ත්වයෙන් දකුණු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, පසුව ඔහු මිය ගියේය.​පසුගිය සතිය තුළ සිසුවෙකු පිහිනුම් තටාකයක දියේ ගිලී මියගිය තුන්වන සිද්ධිය මෙයයි.

What's your reaction?

Related Posts

1 of 783

Leave A Reply

Your email address will not be published. Required fields are marked *