සුනාමියට වසර විස්සයි. භූ විද්‍යා හා පතල් කාර්යාංශය සුනාමිය ගැන විස්තර කරයි

. 2004 වර්ශයේ සුනාමි ව්‍යසනයෙන් පසු 2024 වනවිට වසර 20 ක් සපිරීම වෙනුවෙන් සැමරුම් උත්සවයක් 2024 දෙසැම්බර් මස 24 වන අඟහරුවාදා දින පෙ.ව 09.00 පිටකෝට්ටේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.එහිදි ශ්‍රි ලංකා භූමිය ඇතුලත සහ ඉන් පිට පොළොව අභ්‍යන්තරයේ ඇති වන භූ කම්පන හේතුවෙන් රට තුල ඇතැම් ස්ථාන වල ජනතාව අවතැන් වූ අවස්ථා මෙන්ම ජීවිත හානි සහ දේපළ හානිවිම් සිදු විය. මෙම පොළොව අභ්‍යන්තරයේ සිදු වන භූ කම්පන තත්වයන් පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කර ඇති රජයේ ආයතනය වන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය භූ කම්පන හා සුනාමි නිරීක්ෂනය කිරීමට ආයතනික වශයෙන් තාක්ෂණිකව සිදු කර ඇති වර්ධනය සහ ඉදිරි භූ කම්පන සහ සුනාමි තත්ත්වයකදී ජනතාව දැනුම්වත් කිරීම සඳහා ගෙන ඇති පියවර කුමක්ද යන්න මෙම වැඩසටහනින් වැඩිදුරටත් දැනුම්වත් කෙරිණි.මේ සඳහා *පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමා*(දේශනයක් ඇත) පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර්.උඩුවාවල මහතා, භූ විද්‍යා සමීකරණ හා පතල් කාර්යාංශයේ සභාපති ජේ.එම්.එස්.එන් ජයසිංහ මහතා සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය රංජිත් ප්‍රේමසිරි මහතාඅධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවඅධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ජයරත්න ( ජාතික ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය) යන මහත්වරුන් සහභාගී විය.

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *