සුනාමියේ විසි වසරක සැමරුම කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්..

2004 ශ්‍රී ලංකාවේ සිදුවූ සුනාමි විවසනයේ 20 වසරක සැමරුම කාජිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා..

දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශ රැසක සුනාමි ව්‍යසනයෙන් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වූ අතර අදටත් අතුරුදහන් වූවන් පිළිබඳ සංඛ්‍යා ලේඛන පමණක් පවතිනවා..

එයින් විපතට පත් වූ ජනතාව සිහිපත් කරමින් විසි වසරක සැමරුම අගරද ගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හා සර්ව ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණේ..

කාජිනල් හිමිපාණන් මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතුවා..

සුනාමි විපතට පත් වූ පවුල්වල කිහිප දෙනෙකුම මෙහෙම සැමරුමට එක්වසිටියා..

සුනාමි විපතින් අනතුරට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසූ දෙස් විදෙස් ආයතන කිහිපයක්ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

What's your reaction?

Related Posts

1 of 558

Leave A Reply

Your email address will not be published. Required fields are marked *