සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකරන බව පවසා පොලු තැබූ සමාගමකට එරෙහි නඩුවක් වානිජ්‍ය මහාධිකරණයේ දී කැඳවයි

ජා-ඇල ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භකර නිවස ලබා දෙන බවට ගිවිසුම් අත්සන්කර මීට වසර ගණනාවකට පෙර 100කට අධික පිරිසකගෙන් රුපියල් කෝටි ගණනාවක මුදලක් ලබාගෙන ඇති පෙත්සම්කර සමාගම ගැනුම්කරුවන්ගෙන් ලබාගත් මුදල් පමණක් නොව නිවස ඉදිකිරීම සඳහා බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන ගණනක මුදල් හෝ පොළී මුදල් හෝ මේ දක්වා සතයක්වත් ගෙවා නැතැයි ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ කොළඹ වානිජ්‍ය මහාධිකරණයේ දී අද (17) සඳහන් කළා.

එලෙස සිය බැංකුවට පමණක් නොව නිවාස ගැනුම්කරුවන්ට ද වංචාකර ඇති එම නිවස ඉදිකිරීමේ සමාගම ණයලබා ගැනීමේ දී උකස් තැබූ දේපළ මෑතක දී සම්මත කළ පරාටේ නීතිය දඩමීමා කරගෙන යුතු ලෙස ගෙවීම් පැහැර හැරීම දිගින් දිගටම සිදුකරන බවත් ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ වානිජ්‍ය මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහඳගමගේ මහතාට පෙන්වා දුන්නා.

නව දේපළ අත්පත් කර ගැනීමේ නීතිය අනුව එනම් පරාටේ නීතිය අනුව පෙත්සම්කාර ‘කෙල්සි හෝම්ස්’ නැමති සමාගමට ඇපකරයක් ලෙස ඉදිරිපත් කළ දේපළ අත්පත් කරගෙන වෙන්දේසි කිරීමට නෛතික බාධාවක් ඇත්ත එම සමාගම ඒකපාර්ශිකව අධිකරණයෙන් ලබාගෙන ඇති අතුරු තහනම් නියෝගය අත්හිටුවා සිය බැංකුවට හා නිවාස ගැනුම්කරුවන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙත්සම්කාර ‘කෙල්සි හෝම්ස්’ සමාගම පසුකාලීනව එම කොටස් 60%ක ප්‍රමාණයක් ‘බ්ලූ වෝෂන්’ නැමැති සමාගමට අලෙවිකර ඇති බවට අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා බ්ලූ වෝෂන් සමාගම ද එවැනි වංචනික ක්‍රියාවන් රැසක් සිදුකළ සමාගමක් නිසා එරට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් විවිධ අධිකරණවල නඩු 20ක් පමණ ගොනුකර ඇතැයිද පැවසුවා.

‘කෙල්සි හෝම්ස්’ සමාගම විසින් ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙන්ම පෙර සඳහන් කළ පෞද්ගලික බැංකුව වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ ද දීර්ඝ ලෙස අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

වග උත්තරකාර බැංකුව වෙනුවෙන් අධිකරණය හමුවේ ලිඛිත දේශන ද ගොනුකර ඇති බවට එහිදී අනාවරණය වූ අතර, වැඩිදුර ලිඛිත දේශන ඇත්නම් හා දෙපාර්ශ්වය අතර සමතයක් ඇත්නම් ලබන 31 වනදාට අධිකරණයට ලිඛිතව දැනුම්දෙන ලෙස නියෝග කර විනිසුරුවරයා ලබන 31 වනදා යළි නඩුව කැඳවීමට දින නියම කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *