සුබෝධනී කමිටුවට බම්බු ගහන්න කියලා – රජයෙන් වැඩි කළ ගුරු – විදුහල්පති වැටුප් සූත්‍රය මෙන්න

ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ “සුබෝධනී කමිටු වාර්තාව’’ පිළිබඳව මෙවර අය වැයෙන් අවධානය යොමුකර නොමැති බවත්, මේ සම්බන්ධව වෘත්තීය සමිති සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සුබෝධනී කමිටු වාර්තාව අනුව වැටුප් විෂමතා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නම් රුපියල් බිලියන 46 ක මුදලක් වෙන් කළ යුතු බවත්, මෙම වැටුප් විෂමතාවයෙන් 1/3 ක් ඉවත් කරනු ලැබුවේ ඉකුත් 2022 වසරේ අය වැයෙන් බවත්ය.

කෙසේ වෙතත් ගුරු – විදුහල්පති වැටුප් වැඩි වන තවත් සූත්‍රයක් ගැන ඇමති මහින්ද ජයසිංහ පැහැදිලි කළෙ මෙලෙසින්,

” දැන් ගුරු සේවයේ අවම වැටුප රු. 31,490යි. ඒ, කියන්නේ උසස් පෙළින් අද දවසේ ගුරු සේවයට බැඳෙන ගුරුවරයෙකුගේ වැටුප 31,490යි. ඔහුගේ වැටුප් වර්ධකය රු.445යි. ඔහුගේ වැටුප වැඩි වෙනවා රු. 53,060 දක්වා වසර 3ක් ඇතුලත.රු.445 වැටුප් වර්ධකය අප්‍රේල් 1 සිට රු.800ක් වෙනවා. ඒ කියන්නේ ඔවුන්ට අප්‍රේල් 1 වෙනිදා සිට වැටුප රු. 31,490 සිට 39, 211ක් වෙනවා. ඒ කියන්නේ රු. 7,721ක වැඩිවීමක් සිදු වෙනවා.

අවුරුදු 5ක් ගිය කෙනෙකුගේ වැටුප් වැඩිවීම රු.8,253යි.මේක අවමය 1/3 වැටුප් වැඩිවීම ගුරු සේවයේ 34,160යි වර්ධකය 525යි ඒක වැඩි වෙනවා 57,860 දක්වා.වැටුප් වර්ධකය වැඩි වෙනවා 940 දක්වා වැඩි වෙනවා 80%කින්…..”  

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *