සුමාත්‍රා ගංවතුර ඛේදවාචකය: මියගිය සංඛ්‍යාව 916 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම ඛේදවාචකයෙන් තවත් 274 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා බටහිර සුමාත්‍රාවේ අගම් දිස්ත්‍රික්කයේ ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.​ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 75,219 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර, බටහිර සුමාත්‍රා පුරා 106,806 දෙනෙකුට මෙම තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇත. අධික වර්ෂාව හේතුවෙන් ගංගා ඉවුරු බිඳී ගොස්, ගංවතුර කඳුකර ගම්මාන හරහා ගලා යෑමට පටන් ගෙන තිබේ.​මෙම ගංවතුර තත්ත්වය නිසා දහස් ගණනක් නිවාස සහ ගොඩනැගිලි ජලයෙන් යට වී ඇති අතර, පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දුනීසියානු රජය මෙන්ම ජාත්‍යන්තර ආධාර සංවිධාන ද ක්‍රියාත්මක වෙමින් සිටියි.

What's your reaction?

Related Posts

1 of 519

Leave A Reply

Your email address will not be published. Required fields are marked *