1990 හදිසි ගිලන් රථ සේවාව වන ‘සුවසැරිය’ හි නම වෙනස් කිරීමට කටයුතු කරන්නේ නම්, ඊට අදාළව නීතිය සංශෝධනය කළ යුතු බවත්, අවශ්‍ය ප්‍රතීතනයන් (Accreditations) ලබා ගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.මන්ත්‍රීවරයා ‘X’ (ට්විටර්) සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති දැන්වීමක් උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ, ‘සුවසැරිය’ නාමය ඉවත් කර ඇති බවත්, අවම වශයෙන් දැන්වීම් පත්‍රිකාවේ හෝ එහි ලාංඡනය සහ වර්ණ පවා වෙනස් කර ඇති බවත්ය.”එසේ නම්, එය දැන් නිල ද? ‘සුවසැරිය’ නමෙන් ඉවත් කර ලාංඡනය සහ වර්ණ වෙනස් කර ඇත, අවම වශයෙන් ලිපිලේඛනවල හෝ. “1990 ශ්‍රී ලංකා හදිසි වෛද්‍ය සේවාව” (1990 Sri Lanka Emergency Medical Service) ස්ථාපිත කළේ කවදාද? කුමන නීතියක් යටතේද? එහි අරමුණු මොනවාද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටින්නේ, අදාළ දැන්වීමේ සඳහන් වන පරිදි මෙම සේවාව “හදිසි සහ රෝහල් පූර්ව සත්කාර” (emergency AND pre-hospital care) සපයන බව පැහැදිලිව සඳහන් කර තිබීම ගැටලු සහගත බවයි.”මන්දයත්, ‘1990 සුවසැරිය පනත අංක 18, 2018’ මගින් අප ස්ථාපිත කළේ පිරිසිදු ‘රෝහල් පූර්ව සත්කාර’ (pre-hospital care) ගිලන් රථ සේවාවක් පමණි. නීතිය අනුව, සුවසැරියට හදිසි අවස්ථාවකදී පවා රෝහල් අතර රෝගීන් ප්‍රවාහනය කළ නොහැක.”’රෝහල් පූර්ව සත්කාර’ යන්න සුවසැරිය සේවාවේ මූලික අරමුණ වූ බවත්, එය වෙනස් කරන්නේ නම්, නීතිය වෙනස් කර අවශ්‍ය ප්‍රතීතනයන් ලබා ගත යුතු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි. “මෙය මොන තරම් විහිළුවක්ද,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.