සුළං සමග වැසි තත්ත්වය ලබන 02වැනිදා දක්වා – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

සුළං සමග වැසි තත්ත්වය ලබන 02වැනිදා දක්වා පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනාරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, දිවයිනට ඊසාන දෙසින් පැවැතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම  මෙරට කාලගුණයට තවදුරටත් බලපෑම්  එල්ල කරමින් පවතින බවයි.

මේ වනවිට අඩු පීඩන කාලාපය බංග්ලාදේශයට ඇතුළු වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, එහි බලපෑම හේතුවෙන් අද(30) දිනයේත් බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි.  

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, නුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ට වැඩි වැසි ඇති විය හැකි බව අතුළ කරුණානායක මහතා ප්‍රකාශ කළේ ය.

හලාවත සිට පුත්තලම හරහා ත්‍රිකුණාමලය  දක්වා වෙරළ තීරයේත් ගාල්ලේ සිට පොතුවිල් දක්වා මුහුදු තීරවල  මුහුද රළු වීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර කුඩා ධීවර යාත්‍රාවලට මුහුදු නොයන ලෙස ද ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.

What's your reaction?

Related Posts

1 of 762

Leave A Reply

Your email address will not be published. Required fields are marked *