සුළි කුණාටුවෙන් පීඩිත රට ගොඩනැගීමට කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 25ක පරිත්‍යාගයක්

සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ දැවැන්ත විනාශයෙන් පසු රට යළි ගොඩනැගීම වෙනුවෙන් ස්ථාපිත කළ Rebuilding Sri Lanka Fund සඳහා රුපියල් මිලියන 25ක මූල්‍ය දායකත්වයක් ලබා දීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන ඇත. මීට අදාළ චෙක්පත කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති දිමුත් අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති කුසල් නිශ්ශංක යන මහත්වරුන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායක මහතා වෙත අද නිල වශයෙන් භාර දෙන ලදී. මහජනතාව, පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර ප්‍රජාව ඒකාබද්ධ කරගනිමින් වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ සංවිධානාත්මකව සහන සේවා සැපයීම සඳහා රජය විසින් මෙම අරමුදල පිහිටුවා තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,011

Leave A Reply

Your email address will not be published. Required fields are marked *