සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ‘ගොඩනගමු අධිෂ්ඨානයේ සන්හිඳ’ ජාතික වැඩසටහන හෙට (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කරයි. මෙම සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 1,000කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වන්නේ හානියට පත් සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර, ඒවා නැවතත් වන්දනාමාන සහ ආගමික කටයුතු සඳහා සුදුසු තත්ත්වයට පත් කිරීමයි.


























