සුළි කුණාටුව හේතුවෙන් වී වගාවට සිදු වූ දැඩි හානිය නිසා ඉදිරියේදී රට තුළ සම්බා සහ කීරි සම්බා සහල් හිඟයක් ඇති විය හැකි බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. කෙසේ වෙතත්, විනාශ වූ කුඹුරු යළි වගා කළහොත් රතු සහල් සහ නාඩු සහල් හිඟයක් ඇති නොවන බව ඔහු පෙන්වා දුන්නේය. සම්බා සහ කීරි සම්බා වී අස්වැන්න ලබා ගැනීමට මාස හතරක කාලයක් ගත වන අතර, එම වර්ග යළි වගා කිරීම සඳහා මාස තුනහමාරක කෙටි කාලීන බීජ වී සොයා ගැනීම අපහසු වීම මෙම සහල් හිඟයට ප්‍රධාන හේතුව බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.සල් සහල්වලට අමතරව වෙනත් බෝග වගාවන්ට ද මෙමගින් දැඩි බලපෑම් එල්ල වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. ඒ අනුව හෙක්ටයාර 2,011ක රටකජු වගාවන්, හෙක්ටයාර 10,000ක බඩඉරිඟු වගාවන් සහ හෙක්ටයාර 1,188ක අමුමිරිස් වගාවන් විනාශ වී ඇති වගා බිම් අතර වේ. මෙහිදී බඩඉරිඟු වැනි බෝග වර්ග නැවත වගා කිරීමට ද නොහැකි තත්ත්වයක් පවතින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

























