ලංකාවට බලපාන බවට පැතිර යන සුළි කුණාටුවක් පිළිබඳ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දෙසැම්බර් මස 04 සහ 05 යන දිනවල වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි නමුත්, එයින් සැලකිය යුතු බලපෑමක් ඇති නොවන බවයි.මේ අතර, සෞඛ්‍ය බලධාරීන් විසින් ආපදාවට පත් වූ ප්‍රදේශ නැරඹීමට දරුවන් රැගෙන නොයන ලෙස දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරන්නේ, ගංවතුර තත්ත්වයෙන් පසුව විවිධ රෝග පැතිර යා හැකි බැවින්, දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවයි.


























