සුළි කුණාටු හානිය: නිවාස 4,500කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි!

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාසවලට සිදුව ඇති හානිය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇති අතර, තවත් නිවාස 76,066කට අර්ධ හානි සිදුව ඇත. මේ අනුව ගංවතුර සහ නායයෑම් නිසා හානියට පත් නිවාස ගණන 80,500 ඉක්මවන අතර, මෙය දිවයිනේ විශාල පවුල් සංඛ්‍යාවකට බලපා ඇති බව වාර්තා වේ.​සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස අතුරින් වැඩිම හානියක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර, එහිදී නිවාස 1,800ක් මුළුමනින්ම හානියට පත්ව ඇත. ඊට අමතරව, දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් (නිවාස 573ක්) සහ තෙවැනියට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් (නිවාස 480ක්) වාර්තා වී ඇති බව DMC වාර්තාව පෙන්වා දෙයි.​මේ අතර, නිවාස අර්ධ වශයෙන් හානියට පත්වීමේ ඉහළම සංඛ්‍යාව ද වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ගණන 13,044කි. ඊට අමතරව, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 11,575ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 7,869ක් වශයෙන් අර්ධ හානි වූ නිවාස විශාල ප්‍රමාණයක් වාර්තා වී තිබේ.​තවද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 7,291ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 5,200ක්ද ඇතුළුව තවත් දිස්ත්‍රික්ක කිහිපයකින් ද නිවාස විශාල සංඛ්‍යාවක් අර්ධ වශයෙන් හානි වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මෙම නිවේදනයේ සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 891

Leave A Reply

Your email address will not be published. Required fields are marked *