සූර්ය බලශක්ති ගබඩාකරණය සඳහා හම්බන්තොට ඉදිවන මෙගාවොට් 5/මෙගාවොට් පැය 10.7 බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නිරීක්ෂණයට ලක්වේ.
සූර්ය විදුලි නිෂ්පාදනය උපරිමව සිදුවන දහවල් කාලයේ එලෙස නිෂ්පාදනය වන විදුලිය ගබඩා කර තබාගෙන විදුලි ඉල්ලුම උපරිම වන හවස 6ත් රාත්‍රී 10 අතර කාලයේදී එම විදුලිය පද්ධතියට මුදා හැරීම අරමුණු කරගත් මෙගාවොට් 5 හා මෙගාවොට් පැය 10.7ක මෙරට පුරෝගාමී විදුලි ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කටයුතු පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
ඇමරිකානු ඩොලර් 11.9ක කොරියානු ජනරජයේ විශේෂ මූල්‍ය ප්‍රධානයකින් ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතිය දිවා කාලයේදී අවම වියදමකින් නිෂ්පාදනය කෙරෙන සූර්ය විදුලිය ගබඩා කර තබාගෙන රාත්‍රී විදුලි ඉල්ලුම උපරිම කාලයේදී පද්ධතියට මුදා හැරීම තුළින් විශාල ආර්ථිකමය වාසි අත්කර දෙන අතරම දිවා කාලයේ විදුලි ඉල්ලුම අවම වන විට සූර්ය විදුලි සැපයුම අධික වීම නිසා විදුලිබල පද්ධතියේ ඇතිවිය හැකි අස්ථායිතාවය මගහැරවීම සඳහා ඇති ප්‍රායෝගික විසඳුම් ක්‍රියාවලියකි.
පසුගිය කාලයේ මතුවුණු විදුලි පද්ධතියේ අස්ථායිතාවය හා අදාල ගැටළු සඳහා විසඳුමක් ලෙසත්, සූර්ය බලශක්තිය උපරිම භාවිත කිරීමට ඇති අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් ලෙසත්, මෙයාකාරයේ ව්‍යාපෘති කෙරෙහි බලශක්ති අමාත්‍යවරයා විශේෂ අවධානයකින් ක්‍රියා කළ අතර, ඒ අනුව, මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කෙරිණි.
මෙම වසර අවසානයට පෙර ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නියමිතයි.