සූර්වී තලංගමදී යකා නැටූ පුද්ගලයෙක් අත්අඩංගුවට

පිහියක් රැගෙන තලංගම ප්‍රදේශයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ගමන්ගත් වාහනවලට බාධා සිදුකළ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 35ක පුද්ගලයෙක්.

ඔහු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී සිටි අයෙක් බවයි වාර්තා වෙන්නේ.

මෙම පුද්ගලයා වාහන 04කට අලාභ හානි සිදුකර ඇති බව සඳහන්.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *