අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශවල ජනතාවට අලෙවි කරන මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා එවැනි වෙළෙඳුන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කළේය.කිසියම් ස්ථානයක සෞඛ්‍යයට අහිතකර ලෙස ආහාර අලෙවි කිරීමක් හෝ ගබඩා කිරීමක් සිදු වන්නේ නම්, ඒ පිළිබඳව වහාම අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් ද කෙරේ. මේ අතර, අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල වසංගත සහ බෝවන රෝග පැතිරීම වැළැක්වීම සඳහා ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රදීප් බොරලැස්ස මහතා වැඩිදුරටත් පැවසීය.මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මන්නාරම දිස්ත්‍රික්කය තුළ සතියක කාලයක් සඳහා ගවමස්, එළුමස්, ඌරුමස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් කර ඇති බව ද වාර්තා වේ.


























