සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත කඩාවැටීමක්: වෘත්තිකයන් සහ සිවිල් සංවිධාන විපක්ෂ නායකයා හමුවේ කරුණු පැහැදිලි කරයි!

රටේ වත්මන් සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී ඇති බරපතල අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්, වෘත්තීය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය. මෙහිදී රජයේ රෝහල් පද්ධතිය තුළ රෝගීන්ට අවශ්‍ය මූලික පහසුකම් අවම වීම සහ වෘත්තිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි. නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීමට රජය දක්වන උනන්දුව පසුගිය වසර දෙකක කාලය තුළ සීඝ්‍රයෙන් පහත වැටී ඇති බවට වෘත්තිකයෝ මෙහිදී චෝදනා කළහ.​විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය යන මහත්වරුන් පෙන්වා දුන්නේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරුන් සඳහා වෙන්කර තිබූ කාමරයක් රෝගීන්ට ලබා දීම වැනි සංකේතාත්මක ක්‍රියාමාර්ග හරහා සැබෑ සෞඛ්‍ය අර්බුදය වසන් කළ නොහැකි බවයි. පසුගිය රජයන් යටතේ රෝහල්වල ඇඳන් ධාරිතාව ඉහළ නැංවීමට විශාල වැඩ කොටසක් සිදු කළ ද, වත්මන් පාලනය යටතේ රෝහල් පහසුකම් සංවර්ධනය වීමක් දක්නට නොලැබෙන බව ඔවුහු පවසති. විශේෂයෙන්ම ඉන්ධන අර්බුදය සහ නිසි කළමනාකරණයක් නොමැති වීම නිසා සමස්ත සෞඛ්‍ය සේවාවම අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බව මෙහිදී අනාවරණය විය.​රවී කුමුදේශ් මහතා ඇතුළු නියෝජිතයින් අවධාරණය කළේ, රටේ සෞඛ්‍ය පද්ධතියේ පවතින සැබෑ ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාට නිසි අවබෝධයක් නොමැති බැවින් තමන්ට විපක්ෂ නායකවරයා සමඟ මෙලෙස සාකච්ඡා කිරීමට සිදු වූ බවයි. රජය විසින් ප්‍රසිද්ධිය උදෙසා සිදු කරන ඇතැම් ප්‍රකාශ ප්‍රායෝගික නොවන බවත්, රෝගී ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට නම් මීට වඩා විද්‍යාත්මක සහ සැලසුම් සහගත වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් වෘත්තිකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.

What's your reaction?

Related Posts

1 of 1,067

Leave A Reply

Your email address will not be published. Required fields are marked *