සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විවිධ වෘත්තීය කාණ්ඩවලට අයත් නිලධාරීන් 154 දෙනෙකුට පත්වීම් පිරිනැමීමේ නිල උත්සවය අද (10) පැවැත්වීමට නියමිතය. කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී පෙරවරු 11.00 ට මෙම උත්සවය ආරම්භ වන අතර, ඒ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වේ.මෙහිදී විශේෂයෙන් විකිරණ ශිල්පී සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පී උපාධිධාරීන් පිරිසකට පත්වීම් පිරිනැමීම කැපී පෙනේ. ඒ අනුව මාස හයක පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ විකිරණ ශිල්පීන් 69 දෙනෙකුට සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් 10 දෙනෙකුට සිය නව පත්වීම් ලිපි මෙහිදී හිමි වනු ඇත.මීට අමතරව ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ තනතුරු කිහිපයක් සඳහා ද පත්වීම් ලබාදීම සිදු කෙරේ. ඒ යටතේ සීමිත පදනම මත බඳවා ගනු ලැබූ රසායනාගාර සහායකයින් 71 දෙනෙකු සහ කීටවිද්‍යා සහායකයින් 04 දෙනෙකු සිය නව තනතුරුවල රාජකාරි ආරම්භ කිරීමට නියමිතව තිබේ.






















