සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළව දීර්ඝ කාලීනව බලපවත්වන පහත විෂමතාවයන් පිළිබඳව සාකච්ඡාමය එකඟතාවයන් පසුගිය දේශපාලන බල හුවමාරුව සමග බිඳ වැටී ඇති බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.
- වැටුප් විෂමතාවය.
රජය වැටුප් ප්‍රතිපත්තියට පටහැනි ලෙස වරින් වර සිදු කරනු ලැබූ වැටුම් වැඩි කිරීම් හේතුවෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අදාළව බරපතළ සමාන්තර වැටුපිෂමතාවයක් ඇතිව තිබේ. ඊට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව වැනි යම් නිශ්චිත නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් තුළ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකසමින් වැටුපැදි කිරීමට දිගින් දිගටම එකඟතා පැවතියද, නව රජය යටතේ ඉදිරි වැටුප් වැඩි කිරීම් සඳහා පාදක කරගන්නා ප්‍රතිපත්තිය තුළ එම එකඟතාවයන් කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව විධිමත් සාකච්ඡාවක් නොවීම හේතුවෙන්, දේශපාලන බලය මත වැටුප්පරිමාණය සහ වැටු ක්‍රමය තීරණයණය වන ප්‍රතිපත්තියක් සැකසීමේ අවදානමක් මතුව තිබේ. - දීමනා විෂමතාවය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළව මතුවී තිබූ දීමනා විෂමතාවය ඉවත් කිරීම සඳහා යෝජිත තාක්ෂණික වාර්තාවේ එක් කොටසක් පැවති රජය මගින් ලබා දෙන ලද අතර, ඉතිරි කොටස ඊළඟ අයවැය මඟින් ලබාදීම සඳහා පැවති රජය සමග ඇතිකර ගන්නා ලදී. ඉදිරි අයවැයේදී එකී දීමනා විෂමතාවය ඉවත් කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක වීමට අදාළව බහුතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අසාධරාණයක් සිදුවීමේ බරපතල අවධානමක් මතුව තිබේ. - විශ්‍රාම වයස පිළිබඳව දෙබිඩි ප්‍රතිපත්තිය හේතුවෙන් මතුව ඇති විෂමතාවය.
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස එකක් විය යුතු වුවත් පහුගිය රජය විසින් තාවකාලිකව යෝජනා කරල තිබූ දෙබිඩි විශ්‍රාම වයස් ප්‍රතිපත්තිය මෙම රජය විසින් ස්ථිර කිරීම හේතුවෙන්, බහුතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේසඳහා බරපතළ විශ්‍රාම වයස් විෂමතාවයක් මතුව තිබේ. ඒ පිළිබඳව වත්මන් රජය විසින් ගනු ලැබ ඇති තීරණයට අදාළව බහුතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නොසලකා හැරීම පිළිබඳ ගැටළුවක් මතුව තිබේ.
එසේම, ඔබතුමන් සමග සහ සමහර ඇමතිවරුන් සමග සිදු කරන සාකච්ඡා සඳහා රජය සමඟ සෘජු දේශපාලන සම්බන්ධතා පවත්වන වෘත්තීය සමිති වලට පමණක් ආරාධනා කිරීමේ ප්‍රතිපත්තියක් සෞඛ්‍ය අමාත්‍යාස විසින් අනුගමනය කරමින් සිටින බැවින් උක්ත කරුණු පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි තත්වයක්ද මතුව ඇත. මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරමින්, සාකච්ඡා කිරීමට කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමු.
රවී කුමුදේශ් / උපුල් රෝහණ / චානක ධර්මවික්‍රම / උදේනි දිසානායක / දේවිකා කොඩිතුවක්කු / රෝයිද මෙල් / WAD විමලරත්න
කැඳවුම්කාර මණ්ඩලය
සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය