
රට තුළ සෞඛ්‍ය වෘත්තකයන්ට ජීවත් විය හැකි සමාජ ආරක්ෂක වටපිටාවක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බවත් එක් පැත්තකින් වැටුප් කප්පාදු කළ ඔවුන් සෞඛ්‍ය වෘත්තිකයන් සමාජය ඉදිරියේ වෛද්‍යවරුන්ට එරෙහිව වෛරයක් නිර්මාණය කිරීමට රජයට පක්ෂපාති සමහර කණ්ඩායම් ක්‍රියා කිරීම නිසා මේ වන විට සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජීවිතය අනාරක්ෂිත බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි .
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ස්වකීය නිල නිවසට ගොස් දූෂණය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පැවසීය.
පුද්ගලික හේතූන් මත හෝ රාජකාරිමය හේතුන් මත මීට පෙරද වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් ඝාතනයට ලක් කොට ඇති බැවින් යලිත් වරක් එවැනි සිදුවීම් සිදුවීම කනගාටුදායක බැවින් ඒ සම්බන්ධව අවධානය ලක් කිරීම රජයේ වගකීමක් බව සඳහන් කළේය.
ඉහළ ප්‍රභූ පැලැන්තියක් ලෙස වෛද්‍යවරුන් කෙරෙහි වෛරය වපුරවන ප්‍රකාශ පසුගිය කාලෙදි ඇතැම් දේශපාලකයින් සහ රජයට සම්බන්ධ වෛද්‍යවරුන් සමාජ මාධ්‍ය හරහාද ජනගත කළ අතර මේ වන විට රාජ්‍ය නිලධාරීන් කෙරෙහි ජනතාව දැඩි වෛරයකින් පසුවන පෙනී යන අතර ඒ සම්බන්ධව වගකිවයුතු දේශපාලකයන් වහා ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බවද සඳහන් කළේය.