සෞදි අරාබියේ HRLS ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන කුටිය විවෘත කරයි

සෞදි අරාබියේ රියාද් නුවර පැවැත්වෙන 7 වන මානව සම්පත් හා ශ්‍රම සේවා (HRLS) ප්‍රදර්ශනය 2025 හිදී, ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන මණ්ඩපය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් විවෘත කරන ලදී. මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26 වන මහා සභා සැසිවාරයට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා සිදුකරන සංචාරයට සමගාමීවය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන 26ක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වේ. මෙම නියෝජිතායතන රාජධානියේ ශ්‍රී ලංකා සේවකයින් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගත් ප්‍රවර්ධන හා ජාලකරණ කටයුතුවල නිරත වේ. අමාත්‍ය හේරත් මහතා මෙහිදී, ශ්‍රී ලංකාවේ නිපුණ ශ්‍රම බලකාය ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂිත හා සුරක්ෂිත රැකියා සංක්‍රමණයක් සහතික කරමින් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ උපරිම කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 463

Leave A Reply

Your email address will not be published. Required fields are marked *