සෞදි ‘එනර්ජියා’ සමාගමෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 130 කට අධික වටිනාකමකින් යුත් සහනාධාර!

​’දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සහන සේවා සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහය වෙමින් සෞදි අරාබියේ ‘එනර්ජියා’ (Energia) සමාගම විසින් ඇමරිකානු ඩොලර් 43,000ක් (රුපියල් මිලියන 13කට අධික) වටිනා ඉහළ ධාරිතාවකින් යුත් ටවර් ලයිට් ජෙනරේටර් (Tower Light Generators) අටක් පරිත්‍යාග කර ඇත. රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත මෙම පරිත්‍යාගය සිදු කර ඇති අතර, දැනට ක්‍රියාත්මක සහන කටයුතු සඳහා යොදා ගැනීමට මෙම උපකරණ කඩිනමින් දිවයිනට එවීමට තානාපති කාර්යාලය කටයුතු සූදානම් කරමින් සිටියි.​රියාද්හි අල් කර්ජ් පාරේ පිහිටි එනර්ජියා ආයතන පරිශ්‍රයේදී මෙම උපකරණ භාරදීමේ උත්සවය පැවැත්විණි. ඒ සඳහා එනර්ජියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් මොහින් ෂෙයික් මහතා ඇතුළු නිලධාරීන් සහ සේවකයින් පිරිසක් සහභාගී වූහ. එහිදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසන් ෂාහිඩ් මහතාගෙන් නිල වශයෙන් පරිත්‍යාගය භාරගත් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා, මේ මොහොතේ සිදුකළ අර්ථවත් දායකත්වය වෙනුවෙන් එනර්ජියා සමාගමට සිය ස්තූතිය පුද කළේය.​එනර්ජියා සමාගම දැක්වූ මෙම සහයෝගය ව්‍යාපාරික අවශ්‍යතාවලින් ඔබ්බට ගිය ආයතනික සමාජ වගකීමක් මෙන්ම ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ශක්තිමත් සහෝදරත්වය සහ සහයෝගීතාව විදහා දක්වන ආදර්ශමත් ක්‍රියාවක් බව තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 924

Leave A Reply

Your email address will not be published. Required fields are marked *