.. ක්‍රිස්කැට් හත්වැනි මහලින් වැටුන ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය මිනීමැරුමක් බවට පවුලේ ඥාතීන්ගෙන් චෝදනා..මීට සති කිහිපයකට පෙර කොල්ලුපිටිය ක්‍රිස්කට් ගොඩනැගිල්ලෙන් වැටි මියගිය ඕස්ට්‍රේලියන් ජාතික 51 හැවිරිදි cale delano alexander නැමැති අයගේ මරණය පිළිබඳ ඔහුගේ පවුලේ ඥාතීන් ශ්‍රී ලංකාවට පැමිණ නොයෙක් ස්ථාන වලට යමින් ඔහුගේ මරණය පිළිබඳව සොයා බලා තිබෙනවා…මියගිය අයගේ මව සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියක් අද දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා එම මරණය පිළිබඳ කරුණු රැසක් අනාවරණය කළා..ඕස්ට්‍රේලියන් ජාතිකයෙන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආයතනයක් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ අතර එම ආයතනයේ ප්‍රධානියාද මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළා..මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ සහෝදරයන් සහ මව කියා සිටියේ..ඔහුට සියදිවි නසා ගැනීමට කිසිම හේතුවක් නොතිබූ බවයි…ඔහු හොඳ මානසිකත්වයකින් සිටි බවත්..ශ්‍රී ලංකාවේ විශාල සේවයක නිරතව සිටි කෙනෙක් බවත්…කියා සිටියා..ඔහුට සිය දිවි නසා ගැනීමට උඩුමහලෙන් පැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බවත් ඔහු හෝටලය තුළ කලබලයක් ඇතිකර බවට කිසිම සාක්ෂියක් නොවන බවත් පැහැදිලි කළා..පොලිස් නිලධාරියන්ගේ මැදිහත්වීම ගැටලු සහගත බවත්…කොල්ලුපිටිය පොලිසිය ඔවුන්ව මගහරින බවත් කියා…තම සහෝදරයා උඩුමහලෙන් වැටී විනාඩි හතළිස් පහක් යනතුරු පණ තිබූ බවත් ඔහු රෝහලකට ගෙන යාමට කිසිවෙක් ක්‍රියාකර නැති බවටද චෝදනා කළා…මෙය මිනීමැරුමක් බවට ඔවුන් සැක කරන බවත් ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාගෙන් මෙයට පරීක්ෂණයක් ඉල්ලන බවයි ඔවුන් කියා සිටින්නේ..