හදිසි වැටලීමට හසුවූ අපිරිසිදුකම

එළඹෙන දිපවාලි උත්සය නිමිත්තෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ලබාදිමේ අරමුණින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද (12) තලවකැලේ නගරයේ සියළුම වෙලදසැල් හදිසි පරික්ෂාවට ලක් කළා.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. සුදර්ශන්ගේ අධික්ෂණය යටතේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සහ තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එක්වයි මෙම හදිසි පරික්ෂාව සිදු කරනු ලැබුවේ.

තලවකැලේ නගරයේ පිහිටි තොග සහ සිල්ලර වශයෙන් ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙලදසැල්, මත්පැන් අලෙවිසැල්, ආපනශාලා, එලළුව වෙලදසැල් ඇතුළු සියළුම වෙලදසැල් මෙහිදි හදිසි පරික්ෂාවට ලක් කෙරුණා.

මෙම පරික්ෂාවේදි ගුල්ලන් සහිත තිරිගු පිටි, කල් ඉකුත් වු ආහාර ද්‍රව්‍ය රැසක් විනාශ කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගත් අතර, අපිරිසිදු ආකාරයෙන් ආහාර පාන පිළියෙල කර පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට සුදානම් කර තිබු වෙළඳසැල් රැසක හිමිකරුවන්ට එරෙහිව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගැනුණා.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ සෙසු නගරවලද මෙවැනි හදිසි පරික්ෂාවන් සිදු කරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *