පසුගිය ආණ්ඩු එක්ක තරග කරලා ආණ්ඩුවක් පිහිටෙව්වත් හිටපු නිලධාරීන්ගේ ප්‍රතිපත්ති නිසා නිලධාරීන්ගේ ප්‍රතිපත්තිවලට එරෙහිවත් සටන් කරන්න සිදු වී ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා..
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන සිල්ප අභිමානි 2024 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ප්‍රධාන ශාලාවේ පැවති උත්සවයකදී
කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැන්නක්
” විස්කම් දෑතට සවිය කියන තේමාව තමයි අපිත් තේමාව ..මේක දිගටම කරගෙන ආපු සියලුම රජයන්ට ස්තුති කරනවා..
අවුරුදු විස්සකට හැරිලා බැලුවහම ශිල්පීන්ගේ ජීවිතවලට මොකද වුණේ..ශිල්පීන්ගේ කර්මාන්ත ඉදිරියට ඇවිල්ලා නම් සතුටු වෙන්න පුළුවන්..
මේ අයගේ දරුවෝ දැන් රටවල් වලට ගිහිල්ලා..මේ කර්මාන්තවලින් අයින් වෙලා..
මේ තත්ත්වය වෙනස් කරන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ..
2025 විශාල ප්‍රදර්ශනයක් කරන්න අපි මේ වසරේ සිට සැලසුම් කරලා.. අභිමානවත්ම සම්මාන උළෙල ලබන වසරේ පවත්වනවා..ඒකට ශිල්පීන් අද ඉඳන්ම සූදානම් වෙන්න..
අපි රටක් හැටියට ආර්ථික අර්බුදයක ඉන්නේ..අපිට ලොකු වැඩපිළිවෙලක් තියෙනවා..
කාටවත් රිදුනත් ඇත්ත කතා කරන්න ඕනේ..
නාස්තියට විරුද්ධව වැරදි වැඩවලට විරුද්ධව මහ පාරේ අරගලයක් කරා..
අපිට තියෙන ජනතාව වෙනුවෙන් අරගලයක්..
අපිට නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න වෙලා..
පරණ පුරුද්දට වැඩ කරපු නිසා නිලධාරීන්ට ඉවත් වෙන්න බෑ..
අලුත් ආණ්ඩුවේ ජනවර්ම පිළිගන්නේ නෑ..
සමහරසමහරක් නිලධාරින් පහුගිය ආණ්ඩුවෙලා ගත්තේ තීරණ ගැන පෙනී සිටිනවාා..
සමහරු විදේශ සමාගම් බහුජාතික සමාගම් වෙනුවෙන් ඉන්නවා..තීන්දු තීරණ අරගෙන තියෙනවා. ඒ අය..
නිලධාරීන් ගත්ත තීන්දුුයේ දැනටත් ඔවුන් ගත්ත පරණ තීන්දු ගැන එක තර්ක කරනවා..
අපිට මුදල් අමාත්‍යාංශ එක්ක බදු ප්රතිපත්තියක රණ්ඩු කරන්න වෙලා..
අපිට පිටරටින් ගේන ටයිල් එක ගැන නෙමෙයි ප්‍රශ්නේ..
එනවට වැඩිය කාර් හදන්න පුළුවන්..
තරඟෙ තියෙන්නේ පිටරටින් ගේන භාණ්ඩයක නෙමෙයි..ඒවා ගත්ත ප්‍රතිපත්ති තීන්දු ගත්ත නිලධාරින් එක්ක..
බදු නිසා පෙරටින් ගේන භාණ්ඩයි අපේ භාණ්ඩයි අතර පරතරයක් හදලා තියෙනවා…
ආණ්ඩුව ඇතුලට සටන් කරන්න අපිට සිදුවෙලා..
මම ඇමති හැටියට අපි ඕක භාර ගන්න ලෑස්තියි..
අපි නිලධාරීන් එක්ක කතා කළා අලුත් යෝජනා ටිකක් කරන්න කිව්වා. ඔවුන්ගේ පරණතැනමයි..
ශිල්පීන්ට තඹ පිත්තල ටිකක් ගන්න බෑ හොරෙන් රට පටවනවා..අපි ඒ දේවල් ශිල්පීන්ට ලබා දෙන්න ඉදිරියේදී කරනවා..
හන මිටි අදහස් වල ඉඳලා ඉදිරියට යන්න බෑ…
අපි ඉදිරියේදී 2025 හොඳ ගමනක් යනවා.. “