කටාර්හි දෝහා නුවරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ට හානියක් නොවූ බව පලස්තීන මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරනවා.
ඊශ්‍රායල පුවත් සේවයක් වන ‘ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ පුවත්පතට අනුව, මියගිය පුද්ගලයන් දෙදෙනා වන්නේ හිමාම් අල්-හයියා(ගාසා තීරයේ හමාස් නායකයා වන ඛලීල් අල්-හයියාගේ පුත්‍රයා) සහ ජිහාඩ් ලාබඩ් (ඛලීල් අල්-හයියාගේ කාර්යාල අධ්‍යක්ෂ) වෙයි.
මෙම වාර්තා තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති බවත්, සිදුවූ හානිය පිළිබඳ තොරතුරු ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් ඊශ්‍රයලය පවසනවා.