හමුදාවේ අලුත්වැඩියා කළ වාහන 76 ක් සේවයට! – රජයට මසකට ලක්ෂ 10ක් ඉතිරි වේ

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොඩ්රිගෝ මහතාගේ නියෝග මත, දිගුකාලීන භාවිතය හේතුවෙන් සේවයෙන් ඉවත්ව තිබූ වාහන 76ක් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර අද (ඔක්තෝබර් 24) දින නැවතත් හමුදා රථ ඇණියට එක් කර ඇත.​යුධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් “සුපිරිසිදු ශ්‍රී ලංකාවක්” වැඩසටහනට සමගාමීව සිදු කරන ලද මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට ට්‍රක් රථ, බස් රථ, ජල බවුසර්, යුනි-බෆල් රථ, කැබ් රථ, ගිලන් රථ, වෑන් රථ සහ ගලි බවුසර් ඇතුළත් විය.​මෙමඟින් රථ වාහන කුලියට ගැනීම සඳහා මීට පෙර වැය කළ මසකට රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් රජයට ඉතිරි වනු ඇතැයි අපේක්ෂා කරන අතර, නව වාහන ආනයනය සඳහා අවශ්‍ය වන විදේශ විනිමය වියදම ද සැලකිය යුතු ලෙස අඩු වනු ඇත. මෙලෙස ඉතිරි වන මුදල් යුධ හමුදාවේ සංවර්ධන කටයුතු සහ ජාතික ව්‍යාපෘති සඳහා යොදවනු ඇත.

What's your reaction?

Related Posts

1 of 821

Leave A Reply

Your email address will not be published. Required fields are marked *