හමුදා සෙබළුන් 9,150කට අධික පිරිසකට නිදහස් දිනයේදී නිල උසස්වීම්!

2026 පෙබරවාරි 04 වන දිනට යෙදුණු 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලකායන්ට අයත් සෙසු නිලයන් 9,158 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් වෙත උසස් කිරීමට පියවර ගෙන ඇත. මෙම උසස්වීම් යටතේ නිත්‍ය සහ ස්වේච්ඡා බලකායන්හි බලලත් නිලධාරී II නිලයේ සිට බලලත් නිලධාරී I නිලය දක්වා 260 දෙනෙකු ද, මාණ්ඩලික සැරයන් නිලයේ සිට බලලත් නිලධාරී II නිලය දක්වා 1,211 දෙනෙකු ද, සැරයන් නිලයේ සිට මාණ්ඩලික සැරයන් නිලය දක්වා 1,704 දෙනෙකු ද උසස් කර තිබේ. මීට අමතරව, කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා 2,339 දෙනෙකු ද, ලාන්ස් කෝප්‍රල් නිලයේ සිට කෝප්‍රල් නිලය දක්වා 2,204 දෙනෙකු සහ සාමාන්‍ය සෙබළුන් 1,440 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලය දක්වා ද මෙලෙස උසස් කරනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,000

Leave A Reply

Your email address will not be published. Required fields are marked *