අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශය (OPD) හෙට (දෙසැම්බර් 03) දින සිට යළි මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිත බව රෝහල් බලධාරීහු ප්‍රකාශ කරති.රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා පැවසුවේ, රෝහලට අවශ්‍ය විදුලි සැපයුම ඊයේ (දෙසැම්බර් 01) යථා තත්ත්වයට පත් කළ බවත්, අද (දෙසැම්බර් 02) දින වන විට ජල සැපයුමද යළි ස්ථාපිත කළ බවත්ය. ආපදාවෙන් හානි වූ අනෙකුත් සියලුම ඒකක අලුත්වැඩියා කර, සාමාන්‍ය සෞඛ්‍ය සේවා කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


























