ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර අදහස් දැක්වීම
අපි මේ රට ගොඩනැගීම ඉලක්ක කරගෙනම තමයි බලය ලබාගත් තෙ හැබැයි මේ රට පාලනය කරපු පරණ දූෂිත දේශපාලන කඳවුරු මේ රට විනාශ කරලා නන්නත්තාර කරලා තියෙන්නේ…
අද රටේ ජනතාව විඳින දුක්ඛ දෝමනස්සයන් පිළිබඳව බඩු මිල වැඩිවීම පිළිබඳව ඒ ජනතාවගේ හිතේ ඇවිලෙන ගින්දර පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන දේශපාලන පක්ෂයක් ජාතික ජන බලවේගය
සමහර තීන්දු තීරණ අපිට අකමැත්තෙන් උනත් ගන්න සිද්ධ වෙනවා .ඒ මේ රටේ අනාගතය වෙනුවෙන්
වැටුන වැටිච්ච රටක් ගොඩ ගැනීම සඳහා තමයි අපි මේ බලය ඉන්නේ මේ රට අපි ගොඩ නගනවා මේ රට ගොඩනැගීම් ඉලක්ක කරගත්ත දැවැන්ත වැඩපිළිවෙලක් අප සතුව තිබෙනවා
රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමත් දුප්පත් බව මුළු මුලින්ම නැති කිරීමක් පරිසරය ක්ලීන් කිරීමත් සමග ඇති වැඩපිළිවෙළක් සමග තමයි 2025 වර්ෂයට අපි පැමිණියේ
මේ මොහොත වෙනකොට තමන්ගේ බලය පිළිබඳව අවිනිශ්චතා නැවත බලයට ඒමට නොහැකි විපක්ෂයේ පිරිස් නාමල් කුමරුලා සජීත් ප්‍රේමදාසලා නැවත ආයි බලයට එන්නේ නෑ…
ඒගොල්ලොන්ට දැනෙන්න අරගෙන ඒක හැඟෙනකොට නැවත වටයකින් ඒගොල්ලන්ගේ විවිධ කණ්ඩායම් එක්කාසු වෙලා ජාතික ජන බලවේගය ඉලක්ක කර ගනිමින් මඩ අවලාද නගමින් සිටිනවා චන්දෙ දුන්න ජනතාවට අප ගැන අඳුරු චිත්‍ර මවනවා
ඒගොල්ලො ඉතිහාසය පුරාවටම ජනතාව අන්ධ කරපු එක කරේ ජනතාවට බොරු කරපු එක කරේ රවට්ටපු එක කරේ එහි ප්‍රතිඵලය තමයි වැටිච්ච අරාජිත වෙච්ච රටක් ගොඩනඟපු එක
බලය අහිමිවීම පිළිබඳව ඇති අදෝනාවක් තමයි දැන් විපක්ෂය කරගෙන යන්නේ ඒ අඳෝනාවලට අපි ඇහුම්කන් දෙන්නේ නෑ…
මෙතෙක් කලක් හැදුනු අයවැය පුරෝකතන විතරයි. හැබැයි මෙවර හදන අයවැය පුරෝකතන වලින් ඔබ්බට ගිහිල්ලා අපේ රට ගොඩනැගීම ඉලක්ක කරගෙන හදන අයවැයක්
කාල්පෝල් ප්‍රශ්න අපි ඇති කරපු ඒවා නෙමෙයි හිතේ කුහක කමට කියන දේවල්
කිරිබත් කන්න සුදු හාල් නැහැයි කියපු විපක්ෂ නායකතුමා ඔහු පහුගිය දවස්වල කිරිබත් කෑවේ නැද්ද එතුමත් ලස්සනට ජනවාරි පලවෙනිදා කිරිබත් කෑවා කිරිබත් කියන්නේ විශේෂ අවස්ථාවන්වලට යොදාගන්න දෙයක් දැන් ඒක ඒගොල්ලොන්ගේ දේශපාලන අරමුණු සඳහා යොදා ගන්න පටන් අරන්