ශ්‍රී ලංකාව තුළ මෙවර මහ කන්නේ අපේක්ෂිත වී අස්වැන්න පහළ බැස ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

මෙට්‍රික්ටොන් මිලියන දෙකයි දශම නවයක් මෙවර මහා කන්නයෙන් අපේක්ෂා කළද ලැබෙන්නේ මෙට‍්‍රික් ටොන් මිලියන 2.4ක් පමණක් බවට පුරෝකතනය වී ඇති බවද හෙතෙම පැවසුවා.
රට තුළ පැවතිි අයහපත්කාලගුණ තත්ත්වයන් ගංවතුර තත්ත්වයන් මීට බලපා ඇති බවද හෙතෙම කියා සිටියා.
යම් හෙයකින් මෙම තත්ත්වය මත සහල් වෙළඳපොලේ කිසියම් ගැටලුවක් මතුවුවහොත් ජනතාවට සහල් ලබාදීම සඳහා අනිවාර්යෙන්ම රජයට සහල් ආනයනය කිරීමට සිදුවන බවත් ඔහු තවදුරටත් කියා සිටියා.
පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.