මුම්බායි වල ජනාකීර්ණ වීධියක ඉන්න එක්තරා හිඟන්නෙක්…හිඟන්නෙක් කිව්වට නාවර පෙරාගෙන ජරා වෙලා ඉන්න කෙනෙක් නෙමේ.. කෙනෙක් දැක්කම ප්‍රියමනාප හිතෙන පෙනුමක් තියෙන තරමක් වයෝවෘද හිඟන්නෙක්…!!
ඒ අතරෙ එක තරුණයෙක් යන්න ගිය ගමනත් නතර කරලා හිඟන්නා ලඟ ඉඳගෙන ඒ වයසක මනුස්සයගෙ අතත් අල්ලගෙන කනට මොකක්දෝ මුමුණලා හිනා වෙලා යන්න ගියා..
ඊට පස්සෙ ඒ හිඟන්නත් සර්පිනා පෙට්ටිය කර පින්නාගෙන ගෝණි පඩංගුවෙන් ඔළුව වහගෙන කොහේදෝ යන්න ගියා….!!
ඒ ගියෙ එයාගෙ කාර්‍යාලයට..!!
මොකක් …? කාර්‍යාලයට..?
හිඟන්නන්න්ට කොහෙද කාර්‍යාල…?
මේ හිඟන්නා වෙන කවුරුත් නෙමේ සුප්‍රකට ගායක සෝනු නිගම්…!!
” මට ශෝස් ලැබෙනවා.. චිත්‍රපට ලැබෙනවා.. ඒත් මට ඕනෑ වුනේ මගේ ගායනයේ හැබෑ වටිනාකම කීයද බලන්න.. …!! මගේ ගායනාවට මහපොළොවෙන් ලැබෙන වටිනාකම බලන්න..!”
” ඒ රුපියල් දොළහක්…!!”
” මම ගයද්දි එක තරුණයෙක් මගෙ ලඟට පාත් වෙලා අංකල් ඔයා උදේට කෑම කෑවද ඇහුවා.. අහලා කාටත් හොරෙන් මගෙ අතේ මේ රුපියල් දොළහා මිට මොළවලා යන්න ගියා…!!”
අදටත් ඒ රුපියල් දොළහා මගේ කාර්‍යාලගයේ රාමු කරලා එල්ලලා තියෙනවා…
ඒතමයි මට මගේ ජීවිතේ මගේ ගායනයට ලැබුන හොඳම වටිනාකම….!!