හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට

වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී  රන් පැහැ ආලේප කළ T56  ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ තිඹිරිගස්යාය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාසයක රැඳී සිටියදීයි.

දිසානායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක්.

සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.

ගිනි අවිය සොයා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවත්තේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක පිවිසුමේදී කාන්තාවන් දෙදෙනෙකු සමග එම T56  ගිනි අවිය පසුගියදා පොලිස් භාරයට ගැණින.

රුවන්වැල්ල ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ කාන්තාවන් දෙදෙනොගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.

What's your reaction?

Related Posts

1 of 759

Leave A Reply

Your email address will not be published. Required fields are marked *