“දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (18) අධි චෝදනා භාර දෙනු ලැබීය.
ඒ, සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් 494,000ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකරන ලෙස එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන්, අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදු කළ යැයි, චෝදනා කරමිනි.
අධිචෝදනා භාරදීමෙන් පසු විත්තිකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේ ය.
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව එම නඩුව ගොනුකර ඇත.