හිටපු කථානායකවරයා සම්බන්ධ අනතුරකින් සිවු මසක බිළිඳෙකු ඇතුළු පවුලකට තුවාල!

හිටපු කථානායකවරයෙකු මෙන්ම ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථයක් සම්බන්ධ වූ මාර්ග අනතුරකින්, මාස හයක පමණ බිළිඳෙකු ඇතුළු එක් පවුලක කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. මෙම අනතුර (11) වන බ්‍රහස්පතින්දා සවස සපුගස්කන්ද දෙනිමුල්ල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමක් ලෙස සිදුව තිබේ. අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් 25 හැවිරිදි කාන්තාව, ඇයගේ මාස හයක පමණ බිළිඳා සහ 55 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. වැඩිදුර ප්‍රතිකාර සඳහා බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරු කර යැවූ බව පොලිසිය සඳහන් කරයි. ගැටීමට සම්බන්ධ ජීප් රථය ධාවනය කළ මන්ත්‍රී අශෝක රන්වල මහතාද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ජීප් රථයට හා මෝටර් රථයට අමතරව අනතුරට සම්බන්ධ යැයි සැකකෙරෙන යතුරුපැදියක්ද වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන ඇත. සපුගස්කන්ද පොලිසිය අනතුරට හේතුව සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *