හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් පෙත්සමක් ගොනු කර ඇත

හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් 2025-01-17 වන දින අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවේ තැනැත්තන් වෙළඳාම් හා ජාවාරම් විමර්ශන අංශයේ ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවේ ස්ථානාධිපති, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාරයාංශයේ සභාපති ඇතුලු තවත් පාරශව කිහිපයක් වග උත්තරකරුවන් ලෙස නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයාව සිටි කාලයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සෘතුමය විසා ක්‍රමවේදය ඔස්සේ දකුණු කොරියාව වෙත යොමු කිරීම සඳහා අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාරයාංශයේ වත්මන් සභාපතිවරයා විසින් සිදු කර ඇතැයි පැවසෙත පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුව විසින් සිදු කරන විමරශනයකට අදාලව හුදු දේශපාලනික එදිරිවාදිකම් මත පදනම්ව ද්වේශ සහගතව සහ අනීතික ලෙස තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට කරුණු අනාවරනය වී ඇති බවය.
එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමේ අත්‍යාසන්න භාවයක් ඇති වී තිබෙන බවද එහි දක්වා ඇත.

ඒ අනුව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර සිය පෙත්සම මගින් අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඇති අතර ඉදිරියේදී එම පෙත්සමට අදාලව මනුෂ නානායක්කාර මහතාගේ නිතීඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට අපේක්ෂා කරන බවට වැඩිදුරටත් වාරතා විය.

What's your reaction?

Related Posts

1 of 453

Leave A Reply

Your email address will not be published. Required fields are marked *