හිටපු ජනපති රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය: CID පරීක්ෂණ වාර්තා නීතිපති ඉල්ලයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලය තුළ සිදුකළ විදේශ සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තා ලබාදෙන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දැනුම් දී තිබේ. රුපියල් මිලියන 16.6ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට පැවසෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් මීට පෙර එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබුණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතාගේ අත්සනින් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව මෙම ඉල්ලීම සිදුකර ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.​අන්‍යෝන්‍ය නීති ආධාර පනතේ (MLA) ප්‍රතිපාදන යටතේ මෙම විමර්ශනයට අදාළ සහාය බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා මීට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ද දන්වා තිබුණි. කෙසේ වෙතත්, අදාළ ලේඛන සකස් කිරීමට සහාය වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස විමර්ශන භාර නිලධාරියාට දැනුම් දී තිබුණද, ඔහු මෙතෙක් එසේ කර නොමැති බව නීතිපතිවරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත. එසේම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇත්තේ එරට බලධාරීන්ගෙන් නිසි පරිදි අන්‍යෝන්‍ය නීති ආධාර ඉල්ලීමක් ලබා ගැනීමෙන් තොරව බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 930

Leave A Reply

Your email address will not be published. Required fields are marked *