හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ CID අත්අඩංගුවට!

2019 පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයක් වූ මෙම බෝම්බ ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහුට දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර, ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි. මෙම අත්අඩංගුවට ගැනීම පාස්කු ප්‍රහාරය පිළිබඳ දැනට ක්‍රියාත්මක විමර්ශනවල තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ලෙස වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,070

Leave A Reply

Your email address will not be published. Required fields are marked *