ජාතික ආරක්ෂාව පිළිබඳ මේ වන විට සමාජය තුළ දැඩි කතාබහකට ලක්ව පවතිනවා.
අද දින කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මේ සම්බන්ධව අදහස් පළකලා.
ඔහු පැවසුවේ ජාතික ආරක්ෂාව යනු සාමාන්‍ය ජනතාවට සමාජය තුළ සාමකාමීව ජීවත්වීමේ වටපිටාවක් සකස් කර දීම බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ජාතික ආරක්ෂාව වර්තමානය තුළ දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.