හෙට දිනයේ දිස්ත්‍රික්ක රැසකට දැඩි රුධිර රශ්මියක්!

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලට මෙන්ම අනුරාධපුරය, මන්නාරම, වවුනියාව සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (26) දිනය වෙනුවෙන් විශේෂ උණුසුම් කාලගුණ අවවාදයක් නිකුත් කර තිබේ. මෙම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙවත් ‘තාප දර්ශකය’ ඇතැම් ස්ථානවල ‘අවධානය යොමු කළ යුතු’ මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්වය පදනම් කරගනිමින් මෙම තාප දර්ශකය ගණනය කර ඇති අතර, මෙය පරිසර උෂ්ණත්වයට වඩා සිරුරට සැබවින්ම දැනෙන දැඩි රශ්මිය පිළිබඳ දර්ශකයකි.​මෙම තත්ත්වය හමුවේ දීර්ඝ වේලාවක් හිරු රශ්මියට නිරාවරණය වීම හෝ එළිමහන් කටයුතුවල නිරත වීම නිසා අධික තෙහෙට්ටුව මෙන්ම මාංශ පේශි පෙරළීම (Heat Cramps) වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මේ නිසා අධික වෙහෙසකාරී එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත්, ශරීරයේ ජල මට්ටම නිසි ලෙස පවත්වා ගැනීමට නිරන්තරයෙන් ජලය පානය කරන ලෙසත් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,065

Leave A Reply

Your email address will not be published. Required fields are marked *