2004 සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ස්වාභාවික ආපදාවලින් ජීවිත අහිමි වූ ජනතාව සිහිපත් කිරීම වෙනුවෙන් හෙට (26) පෙරවරු 9:25 සිට 9:27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 2025 ජාතික සුරක්ෂිතා දිනයට සමගාමීව සංවිධානය කෙරෙන මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය හෙට පෙරවරු 8:30 සිට 11:00 දක්වා ගාල්ල, පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිතය.මීට අමතරව, මෑතකදී බලපෑ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් ද සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

























