දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට (ජනවාරි 15) සිට අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, අද දිනයේ ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමකාමී කාලගුණයක් පවතිනු ඇත. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.මුහුදු ප්‍රදේශ පිළිබඳ සැලකීමේදී, කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළං ඊසාන දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර 25-35ත් අතර වේ. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 45 දක්වා වැඩි විය හැකි බැවින් එම ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් අපේක්ෂා කළ හැක.


























