හෙද විදුහල් ආචාර්ය හිඟයට කඩිනම් විසඳුම්: ඇමති නලින්ද ජයතිස්සගෙන් උපදෙස්

දිවයිනේ හෙද විදුහල්වල පවතින හෙද ආචාර්යවරුන්ගේ හිඟය වහාම පියවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මෙම උපදෙස් ලබා දී ඇත්තේ හෙද විදුහල්පතිවරුන්ගේ සංසඳය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය. එහිදී අනාවරණය වූයේ මෙරට හෙද විදුහල් සඳහා අනුමත කර ඇති ආචාර්යවරුන් 395 ක ප්‍රමාණයට සාපේක්ෂව දැනට සේවයේ නියුතු වන්නේ 220 කට ආසන්න පිරිසක් පමණක් වන බවයි. ඒ අනුව, හෙද ආචාර්යවරුන් 175 දෙනෙකුගේ සැලකිය යුතු හිඟයක් දැනට පවතින බව වාර්තා වේ.​රට පුරා පිහිටි හෙද විදුහල් 17 නියෝජනය කරමින් විදුහල්පතිවරුන් මෙම හමුවට එක්වූ අතර, එහිදී ප්‍රකාශ වූයේ දැනට පුහුණුව ලබන සිසුන් සංඛ්‍යාව 5,000 ක් වන බවත්, ලබන දෙසැම්බර් මාසයේදී තවත් සිසුන් 2,650 ක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බවත්ය. පුහුණු වන සිසුන්ගේ ප්‍රමාණය මෙලෙස ඉහළ යන පසුබිමක ආචාර්ය හිඟය හෙද අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට බලපෑ හැකි බවට මෙහිදී සාකච්ඡා විය.​එම නිසා, අමාත්‍යවරයා විසින් දැනට නතර කර ඇති හෙද ආචාර්යවරුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසට දැඩිව උපදෙස් දී ඇත. ඒ අනුව, මේ වන විටත් ඉල්ලුම්පත් යොමු කර ඇති පිරිස් සඳහා ඉදිරි මාස දෙක ඇතුළත විභාග පවත්වා අවශ්‍ය ආචාර්යවරුන් බඳවා ගැනීමට පියවර ගන්නා ලෙසට ද ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 830

Leave A Reply

Your email address will not be published. Required fields are marked *