හෙරොයින් ජාවාරම්කරුට හලාවත මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හලාවත මහාධිකරණය මගින් හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට පසුගිය සිකුරාදා (06) ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් නියම කරන ලදී. හෙරොයින් ග්‍රෑම් 35.474ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට විත්තිකරු වරදකරු බව තීරණය කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මහත්මිය මෙම තීන්දුව ලබා දුන්නාය.​අධිකරණ වාර්තාවලට අනුව, 2020 ඔක්තෝබර් 11 වන දින හලාවත අධිකරණ බලප්‍රදේශයට අයත් කිරිමැටියාන වත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ මත්ද්‍රව්‍ය විත්තිකරු සන්තකයේ තිබූ බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර, නීතිපතිවරයා විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව විත්තිකරුට එරෙහිව අධිචෝදනා පත්‍ර හතරක් ගොනු කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,038

Leave A Reply

Your email address will not be published. Required fields are marked *