හෙළ හවුල එන්.පී.පී.ආණ්ඩුව වගේ ජාති භේද ආගම් භේද නෑ

ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි.

හෙළ හවුලේ හිටපු ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු මෙන්ම කුමාරතුංග මුණිදාස මහතාගේ ජ්‍යෙෂ්ඨතම ගෝලයකු වූ දිවංගත දොණු දේවිඳු මොහොට්ටි මහතා විසින් සුරක්ෂිත කරන ලද සාහිත්‍ය ග්‍රන්ථ ඇතුළු සාහිත්‍යමය වටිනාකමක් සහිත ලේඛන රැසක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පරිත්‍යාග කිරීම 2025 ජනවාරි මස 6 (සඳුදා) වැනි දින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ පළ වූ මුල්ම සිංහල පුවත්පත වූ ලක්මිණි පහන පුවත්පතේ මුල්ම කලාපය ඇතුළු සාහිත්‍ය ග්‍රන්ථ රැසක් පරිත්‍යාග කිරීම දිවංගත දොණු දේවිඳු මොහොට්ටි මහතාගේ දියණිය වන විජායි ලක්ෂ්මී මොහොට්ටි මහත්මිය විසින් එදිනට සිදු කලා.

මෙහි ප්‍රධාන අනුශාසනාව අමරපුර ධර්මරක්ෂිත මහ නිකායේ මහනායක බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති ත්‍රීකුණාමලයේ ආනන්ද මහ නාහිමිපාණන් විසින් සිදු කරන අතර සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා, ප්‍රවීණ ලේඛක බුද්ධදාස ගලප්පත්ති මහතා සහ හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගනේවත්ත මහතා ද දේශන පවත්වනු ලැබුවා.

What's your reaction?

Related Posts

1 of 524

Leave A Reply

Your email address will not be published. Required fields are marked *