“හොම්වර්ක් කරලා එන්න” – නලින්දට සජිත්ගෙන් සැර පිළිතුරක්!

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂය දරන ස්ථාවරය විවේචනය කරමින් මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසා මහතා දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇත. පාසල් විෂය නිර්දේශයන්හි බරපතල දෝෂ පවතින බවත්, ඇතැම් තැන්වල අසභ්‍ය වෙබ් අඩවිවලට පවා සබැඳි (links) ඇතුළත් වී ඇති බවත් පෙන්වා දෙන ප්‍රේමදාස මහතා, තමන් මෙම ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වූයේ එවැනි “පැහැදිලි වැරදි” නිසා බව අවධාරණය කළේය.​X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, එවැනි කරුණු නිරීක්ෂණය නොවී අනුමත වූයේ නම් ප්‍රශ්න කළ යුත්තේ තමන්ගේ මානසිකත්වය ගැන නොව අමාත්‍යවරයාගේ දක්ෂතාවය ගැන බවයි. “අනුන් විනිශ්චය කිරීමට පෙර කරුණාකර ඔබේ ගෙදර වැඩ (homework) නිසියාකාරව කරන්න” යැයිද ඔහු එහිදී පවසා තිබුණි. පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය ජයතිස්ස මහතා ප්‍රශ්න කර සිටියේ මීට පෙර ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කළ විපක්ෂය දැන් ඒවාට සහය දෙන්නේ කෙසේද යන්න සහ ඇතැම් මාධ්‍ය ආයතන මෙම වැඩපිළිවෙළ කෙරෙහි සෘණාත්මක ආකල්ප පතුරුවන බවයි.

What's your reaction?

Related Posts

1 of 992

Leave A Reply

Your email address will not be published. Required fields are marked *