හෝටල් හා ආපනශාලා සේවයේ කාන්තාවන්ට රාත්‍රී සේවයට කැබිනට් අනුමැතිය

වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන්ට වාණිජ හෝටල් සහ ආපනශාලාවල ආහාර පාන සේවිකාවන් ලෙස සවස 6න් පසුව සහ උදෑසන 6ට පෙර කාලය තුළ රාත්‍රී සේවයේ යෙදවීමට ඉඩ සලසන පරිදි සාප්පු සහ කාර්යාල සේවක (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනතට සංශෝධනයක් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. මෙම තීරණය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ මෙහෙයුම් අවශ්‍යතාවලට සහාය වීම මෙන්ම රාත්‍රී සේවා මුරවල නියුක්ත කාන්තාවන් සඳහා විධිමත් ආරක්ෂාවක් සහතික කිරීම අරමුණු කරයි. තවද, මෙම පනතේ 66 වන වගන්තිය යටතේ නිකුත් කරනු ලබන සංශෝධිත නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. එය සම්මත වූ පසු රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ඇත.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *