හෝමාගම දෙහැවිරිදි දැරියගේ මරණය: මව අත්අඩංගුවට, අනියම් සැමියා පලායයි

හෝමාගම, මාගම්මන ප්‍රදේශයේදී සිය මවගේ අනියම් සැමියා විසින් සිදුකළ බව කියන දරුණු පහරදීමකින් පසු අවුරුදු දෙකයි මාස හතරක් වයසැති දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. පාරින්දි දිලන්‍යා නම් මෙම දැරිය සිය මව, 11 හැවිරිදි වැඩිමහල් සහෝදරයා සහ මිත්තණිය සමඟ ජීවත්ව ඇති අතර, පියා පවුල හැර ගිය පසු මව සමඟ සබඳතාවක් පැවැත්වූ පුද්ගලයෙකු මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ. අදාළ පුද්ගලයාට “තාත්තා” යැයි ඇමතීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු සහ මව විසින් දැරියට දිගින් දිගටම බලපෑම් කර පහර දී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.​පෙබරවාරි 12 සහ 13 යන දිනවල එල්ල වූ බරපතළ පහරදීම්වලින් පසු දැරිය අසනීප වී ඇති නමුත්, සැකකරු හෝ මව ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර නැත. පසුව මිත්තණියගේ බලපෑම මත හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන විටත් දැරිය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දැරියගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. මීට පෙරද සිය දියණියට වස දී මරා දැමීමට උත්සාහ කළ බවට මවට එරෙහිව පැමිණිල්ලක් තිබී ඇති අතර, පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,015

Leave A Reply

Your email address will not be published. Required fields are marked *